මර්කන්ටයිල් සූර්ය බලශක්ති ණය
<p>missing</p>

තිරසාරභාවය : අපගේ මෙම සූර්ය බලශක්ති ණය හරහා පහසුවෙන් මෙන් ම විශ්වාසයෙන් සූර්ය පැනල ස්ථාපනය කිරීමට හැකියාව ඔබට ලැබේ.

 

ඔබ මර්කන්ටයිල් සූර්ය බලශක්ති ණයක් ම තෝරා ගත යුත්තේ ඇයි? 

1. 80% දක්වා මූල්‍ය පහසුකම් :

අවම මූලික පිරිවැයකින් සූර්ය පද්ධති ස්ථාපනය කිරීමට මෙහි දී අවස්ථාව ලබා දෙන අතර, අපි ඔබට අවශ්‍ය ආයෝජනයෙන් 80%ක් දක්වා මූල්‍ය සහයෝගය ලබා දෙන්නෙමු.

2. ආකර්ෂණීය පොලී අනුපාත :

දැරිය හැකි මාසික වාරිකයක් සමඟින් පුරෝකථනය කළ හැකි තරඟකාරී හා ස්ථාවර පොලී අනුපාත අත් විඳින්න. 

3. නම්‍යශීලී ආපසු ගෙවීමේ කාල සීමාවක් (අවුරුදු 6ක් දක්වා) : 

ඔබගේ එදිනෙදා ජීවන රටාවට බාධාවක් නොවන අයුරින්, නම්‍යශීලී සැලසුම් සමඟින් මාස 72ක් දක්වා ආපසු ගෙවීමේ කාලයක් ලබා ගන්න.

4. පූර්ව අනුමත සූර්ය බලශක්ති සැපයුම්කරුවන්ගෙන් සේවය ලබා ගැනීමේ හැකියාව : 

ගුණාත්මක සවි කිරීමේ සේවාවක්, සුවිශේෂී වගකීම් සහතිකයක් සහ පහසු සේවාවක් සඳහා අපගේ විශ්වසනීය පෙර අනුමත සූර්ය සැපයුම්කරුවන් ජාලයෙන් සේවා යෝජකයෙකු තෝරා ගන්න.

5.පරිසර හිතකාමී බව :

කාබන් විමෝචනය අවම කරමින්, විදුලි බිල අඩු කර ගැනීම හරහා අනාගතය දීප්තිමත් කර ගන්න !

 

මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට් සමාගම හඳුන්වා දෙන සූර්ය බලශක්ති ණයක් ලබාගෙන පහසුවෙන් සූර්ය බලශක්තියට මාරු වන්න. ගෘහස්ථ සහ ව්‍යාපාරවල විදුලි බිල්පත් අවම කර ගැනීමට සහ හරිත සංකල්පය ප්‍රවර්ධනය කිරීමට දායක වෙමින්, දිගු කාලීන පිරිවැය ඉතිරියක් සඳහා ඔබට සහය වීම අරමුණු කරමින් මෙම සුවිශේෂී ණය යෝජනා ක්‍රමය නිර්මාණය කර ඇත.

මර්කන්ටයිල් සූර්ය බලශක්ති ණයක් ලබා ගෙන විදුලි බිල අවම කර ගැනීම සඳහා පළමු පියවර තබන්න.

වැඩි විස්තර සඳහා ළඟ ම පිහිටි මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට් ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 0112 10 10 10 අමතන්න.

වෙබ් අඩවිය : https://www.mi.com.lk/en/find-a-branch

ශාඛා ජාලය

තවදුරටත්

අපට කතා කරන්න
+94 0112 10 10 10

අමතන්න
අමතන්න
SiteLock