ප්‍රගති තිරසාර ව්‍යාපාර ණය
<p>missing</p>

ප්‍රගති තිරසාර ව්‍යාපාර ණය යනු, ශ්‍රී ලංකාව තිරසාර සංවර්ධනයක් කර ගෙන යාමට  දායක වන පුද්ගලයින්, ප්‍රජා කණ්ඩායම් සහ ව්‍යවසායකයින් ආදී වශයෙන් වූ පාර්ශ්වයන්ට මූල්‍ය  සහයෝගය ලබා දීම වෙනුවෙන් නිර්මාණය කර ඇති ණය යෝජනා ක්‍රමයකි. මෙම ණය යෝජනා ක්‍රමය හරහා කෘෂිකර්මාන්තය, ධීවර කර්මාන්තය, පුනර්ජනනීය බලශක්තිය, හරිත නවෝත්පාදන සහ ආර්ථිකමය ක්‍රියාකාරකම් වැනි ප්‍රධාන ක්ෂේත්‍ර ගණනාවක් ආශ්‍රිත  මූල්‍ය අවශ්‍යතා සඳහා විසඳුම් ලබා දීම විශේෂිත ය. ආර්ථික, ආහාර සහ බලශක්ති යන ක්ෂේත්‍ර ආශ්‍රිත ව සුරක්ෂිතතාව තහවුරු කරමින්, සැමට හරිත, සාධාරණ මෙන් ම තිරසාර අනාගතයක් නිර්මාණය කිරීම වෙනුවෙන් ප්‍රගති තිරසාර ව්‍යාපාර ණය යෝජනා ක්‍රමය සුවිශේෂී කාර්යභාරයක් ඉටු කරයි.

ප්‍රගති ණයක් ලබා ගැනීම සඳහා සුදුසුකම් :

  •  වයස අවුරුදු 18-60 අතර ශ්‍රී ලාංකික පුරවැසියකු විය යුතු ය.
  • පුද්ගලයෙකු ලෙස හෝ ප්‍රජා කණ්ඩායම් වශයෙන් හෝ ව්‍යවසායකයකු ලෙස හෝ ලියාපදිංචි සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයක් ලෙස හෝ මෙම ණයක් ලබා ගත හැකි ය.
  •  ඕනෑම තිරසාර කාණ්ඩයක් යටතේ ව්‍යාපාර මෙහෙයුම් සිදු කර ගෙන යා යුතු ය.
  • ලබා ගන්නා ණය මුදල ආපසු ගෙවීමේ හැකියාව තිබිය යුතු ය.
  • ණය ලබා දීමේ දී සොබාදහම ආරක්ෂා කිරීමට හෝ ජනතාවට සහාය ලබා දෙන ව්‍යාපාර, කාන්තාවන් විසින් මෙහෙයවනු ලබන ව්‍යාපාර, තරුණ ව්‍යවසායකයින්,  ග්‍රාමීය ව්‍යවසායකයින් සහ අඩු වරප්‍රසාද සහිත ජනතාව ඉලක්ක කර ගනිමින් සේවා ලබා දෙන ව්‍යාපාර සඳහා ප්‍රමුඛතාව ලබා දෙනු ලැබේ.

 

අයැදුම් කළ හැකි කාණ්ඩ :

කාණ්ඩය උප කාණ්ඩ
1. තිරසාර කෘෂිකර්මාන්තය

- බෝග වගාව

- ස්මාර්ට් ජල සම්පාදන ක්‍රම

- සත්ව පාලනය

- කෘෂි යන්ත්‍රෝපකරණ

- අනෙකුත් කෘෂිකාර්මික ක්‍රියාකාරකම්

2. තිරසාර ධීවර කර්මාන්තය - ධීවර හා ජලජීවී වගාව
3. පුනර්ජනනීය බලශක්තිය, බලශක්ති කාර්යක්ෂමතාව සහ  තිරසාර ප්‍රවාහන සේවා

- සූර්ය බලශක්ති විසඳුම්

- ජීව වායු ස්ථාපන

- විද්‍යුත් වාහන

- දෙමුහුන් ( හයිබ්‍රිඩ්) වාහන

- අනෙකුත් තිරසාර ප්‍රවාහන විකල්ප

4. ක්ෂුද්‍ර මූල්‍ය සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය

- කාන්තාවන් විසින් මෙහෙයවනු ලබන ව්‍යාපාර

- ස්වයං රැකියා සඳහා ත්‍රිරෝද රථ මිල දී ගැනීම

- ග්‍රාමීය ව්‍යවසායකයින්

- තරුණ ව්‍යවසායකයින්ගේ ආරම්භක මට්ටමේ ව්‍යාපාර

- අනෙකුත් ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර.
5. පරිසර හිතකාමී කර්මාන්ත සහ ආරම්භක මට්ටමේ හරිත ව්‍යාපාර

- පරිසර හිතකාමී කර්මාන්ත

- ආරම්භක මට්ටමේ හරිත ව්‍යාපාර

 

"ප්‍රගති තිරසාර ව්‍යාපාර ණය" පහත සඳහන් ශාඛා වලින් පමණක් ලබා ගත හැකිය:

  • බලංගොඩ
     
  • බෙන්තොට
     
  • හලාවත
     
  • ඇඹිලිපිටිය
     
  • හොරණ
     
  • කඩුවෙල
     
  • කොට්ටාව 
     
  • කුරුණෑගල
     
  • මොරටුව
     
  • පොලොන්නරුව
     
  • රත්නපුරය
     
  • තඹුත්තේගම
     
  • තිස්සමහාරාමය

 

ප්‍රතිලාභ
  • තරඟකාරී පොලී අනුපාත සහ ඒ ඒ ගනුදෙනුකරුවාට සරිලන අයුරින් සැකසූ ආපසු ගෙවීමේ සැලසුම්.
  •  කාන්තා, තරුණ සහ ග්‍රාමීය ව්‍යවසායකයින් සඳහා වේගවත් අනුමත කිරීම්.
  • හරිත හා ආර්ථික සංවර්ධනය සඳහා සුවිශේෂී සහායක් ලබා දීම.
  • ධාරිතා ගොඩ නැංවීමේ සහ මූල්‍ය සාක්ෂරතා වැඩසටහන් ඔස්සේ සහයෝගය ලබා දීම.

ශාඛා ජාලය

තවදුරටත්

අපට කතා කරන්න
+94 0112 10 10 10

අමතන්න
අමතන්න
SiteLock