මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆිනෑන්ස්, සිය 90 වැනි ශාඛාව ලෙස මීගමුවේ නගර කාර්යාලය පසුගියදා විවෘත කළේය. දිවයින පුරා ජනතාවට මුල්‍ය සේවා සඳහා ඇති ප්‍රවේශය පුළුල් කිරීම සඳහා මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆිනෑන්ස් දක්වන අඛණ්ඩ කැපවීම මෙමගින් වඩාත් තහවුරු වේ.
කාර්යබහුල මීගමුව නගරයේ පිහිටි මෙම නවතම නගර කාර්යාලය, ප්‍රදේශයේ සහ ඒ අවට පාරිභෝගිකයින් හට වඩාත් උසස් සේවාවක් පිරිනැමීම සඳහා ක්‍රමෝපායික ලෙස ස්ථාපනයකර ඇත. පාරිභෝගික පහසුව, කාර්යක්ෂමතාව සහ පුද්ගලික සේවාව තහවුරු කරන අතරම පුද්ගලයින්ගේත්, ව්යවසායකයින්ගේත්, ව්‍යාපාරවලත් වෙනස්වන මුල්‍ය අවශ්‍යතා සපුරාලීම සඳහා සකස් කෙරුණු පරිපූර්ණ මුල්‍ය විසඳුම් පිරිනැමීමට මෙම නව ශාඛාව කටයුතු කරයි.
මිගමුව නගර කාර්යාලය විවෘත කිරීමත් සමග බස්නාහිර පළාත තුළ මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆිනෑන්ස් තවදුරටත් ශක්තිමත් වේ. ප්‍රධාන පෙළේ නාගරික පරිශ්‍ර තුළ සිය නාමය සනිටුහන් කිරීම හරහා මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆිනෑන්ස්, පාරිභෝගිකයින් හට සිය අනාගතය සැලසුම් කිරීමට අවශ්‍ය ශක්තිය ලබා දීම, ඔවුන්ගේ ව්‍යාපාර වර්ධනය කිරීම සහ පුද්ගලික අභිලාශ මුදුන්පත්කර දීම හරහා මුල්‍ය සේවා ලබා ගැනීමට ඔවුන්ට ඇති බාධා ඉවත් කිරීමට කටයුතු කරයි.
ශාඛා 90 ක සංධිස්ථානය සනිටුහන් කිරීම, මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆිනෑන්ස් කෙරෙහි එහි පාරිභෝගිකයින් තබා ඇති විශ්වාසය සහ එහි ස්ථාවර වර්ධනයට දායකත්වය ලබාදෙන කාර්යමණ්ඩලය දක්වන කැපවීම පිළිබිඹු කරයි. තවද, මෙමගින් තිරසර වර්ධනය, ශක්තිමත් පරිපාලනය සසහ පාරිභෝගික-කේන්ද්‍රීය නවෝත්පාදනය කෙරෙහි මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆිනෑන්ස් සතු දැක්ම ද පිළිබිඹු වේ.
ඉදිරියේදීද සිය ශාඛා ජාලය තවදුරටත් පුළුල් කිරීමට මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆිනෑන්ස් කටයුතු කරන අතර, මීගමුව නගර කාර්යාලය සමාගමේ ප්‍රගතිය, නොසැලෙන ගුණය සහ සුපිළිපන්න භාවය හා විශිෂ්ටත්වය සමගින් ශ්‍රී ලාංකේය ප්‍රජාවට සේවය කිරීමට සමාගම දක්වන කැපවීම සංකේතවත් කරයි.



