මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆිනෑන්ස් 89 වැනි ශාඛාව වැලිගමදී විවෘත කෙරේ

මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆිනෑන්ස් (MI Finance) සමාගම, ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින ජනතාවට මුල්‍ය සේවා සඳහා ප්‍රවේශය ලබාදීමේ අරමුණින් යුතුව සිදු කෙරෙන ශාඛා ජාලය පුළුල් කිරීමේ ක්‍රමෝපායේ තවත් එක් සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කරමින් දකුණු පළාතේ වැලිගමදී සිය 89 වැනි ශාඛාව පසුගියදා විවෘත කළේය.

අලුතින් විවෘත කෙරුණු වැලිගම ශාඛාව, එම ප්‍රදේශයේ පුද්ගලයින්ගේත්, ව්‍යවසායකයින්ගේත්, ව්‍යාපාරවලත් විවිධ මුල්‍ය අවශ්‍යතා සපුරාලීමේ හැකියාවෙන් යුතු වෙයි. ස්ථාවර තැන්පතු, ලීසිං, රන් ණය සහ පාරිභෝගිකයින්ගේ අවශ්‍යතා අනුව පිරිනැමෙන සේවා ඇතුළු මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆිනෑන්ස් පිරිනමන සියලු සේවා වෘත්තීය කාර්යමණ්ඩලයක මගපෙන්වීම යටතේ හිමිකර ගැනීමට මෙමගින් හැකියාව ලැබේ.

තමන් සේවය සලසන ප්‍රජාව සමග ශක්තිමත් සම්බන්ධතාවක් ගොඩනගා ගැනීමේ අඛණ්ඩ අවධානය අනුව යමින් මෙම ශාඛාව විවෘත කිරීමේ අවස්ථාවට මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆිනෑන්ස් ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වය, කාර්යමණ්ඩල සාමාජිකයින් මෙන්ම සුබපතන්නෝ ද එක්ව සිටියහ. පාරිභෝගික පහසුව පෙරටුකොට සැලසුම්කර ඇති වැලිගම ශාඛාව, සමාගමේ සේවා පෙරටුකොටගත් ප්‍රවේශය සහ විශිෂ්ටත්වය වෙනුවෙන් දක්වන කැපවීම පිළිබිඹු කරයි.

ප්‍රදේශයේ ජනතාවගේ ආර්ථික ක්‍රියාකාරකම්වලට සහ ඔවුන්ගේ මුල්‍ය අභිලාශ ඉටුකර ගැනීමට අවශ්‍ය සහයෝගය ලබාදෙන අතරම ඉහළ ව්‍යාපාරික අවස්ථා ප්‍රමාණයක් සහිත ප්‍රදේශ තුළ සිය නාමය සනිටුහන් කිරීමේ ක්‍රමෝපායික සැලැස්මේ එක් පියවරක් ලෙස මෙම නවතම ශාඛාව විවෘත කෙරිණි. ස්ථාවරව පුළුල්වන ශාඛා ජාලය සහ වසර ගණනක පටන් ගොඩනැගී ඇති විශ්වාසය සමගින් මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆිනෑන්ස් සමාගම මුල්‍ය සේවා ඉක්මවා ගිය සේවාවක් පිරිනැමීමට කටයුතු කරයි.

ආත්ම විශ්වාසය සහ අරමුණු පෙරදැරිව පෙරට යන අතර සිය 89 වැනි ශාඛාව ජනගත කිරීම තුළින් සමාගමේ නොසැලෙන ගුණය, පාරිභෝගික-කේන්ද්‍රීය අගනාකම් සහ දිවයින පුරා තිරසර වර්ධනය සඳහා දක්වන කැපවීම මැනවින් පිළිබිඹු කෙරේ.

 

 

අමතන්න
SiteLock