දිවයින පුරා සිදු කෙරෙන සිය ශාඛා ජාලය ජාලය පුළුල් කිරීමේ සැලසුමේ තවත් සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කරමින් මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆිනෑන්ස් සමාගම සිය 91 වැනි ශාඛාව තංගල්ලේදී විවෘත කළේය.
දකුණු පළාතේ ශීඝ්‍රයෙන් වර්ධනයවන මුල්‍ය අවශ්‍යතා සපුරාලීම සඳහා ක්‍රමෝපායිකව පිහිටා ඇති තංගල්ල ශාඛාව, පාරිභෝගිකයින්, ව්‍යවසායකයින් සහ ව්‍යාපාර සඳහා පහසුවෙන් ලබාගත හැකි, විශ්වසනීය සහ පාරිභෝගිකයාගේ අවශ්‍යතාව මත සකස් කෙරුණු මුල්‍ය විසඳුම් පිරිනැමීම සඳහා මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆිනෑන්ස් සමාගම දක්වන කැපවීම තවදුරටත් තහවුරු කරයි. මෙම නවතම ශාඛාව, ස්ථාවර තැන්පතු, ඉතුරුම්, ලීසිං පහසුකම්, රන් ණය සහ ව්‍යාපාරික මුල්‍ය විසඳුම් ඇතුළු පරිපූර්ණ සේවා පෙළ එම ප්‍රදේශයේ ජනතාවට වඩාත් සමීප කරයි.
ප්‍රාදේශීය ආර්ථික සංවර්ධනයට දායකත්වය ලබා දෙන අතරම සියලු දෙනා හට මුල්‍ය සේවා සඳහා ප්‍රවේශය ලබා දීම සඳහාවන මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆිනෑන්ස් පුළුල් දැක්ම මෙමගින් පිළිබිඹු කෙරේ. තංගල්ල ප්‍රදේශය තුළ සිය නාමය සනිටුහන් කරමින් එම සමාගම ප්‍රදේශයේ මුල්‍ය විසඳුම් සඳහා ඇති පරතරය අවම කිරීමටත්, ප්‍රදේශයේ ව්‍යවසාය සවිබල ගැන්වීමටත්, විශ්වාසය සහ කාර්යසාධනය මත පදනම් වූ දිගුකාලීන පාරිභෝගික සබඳතා ගොඩනගා ගැනීමටත් අපේක්ෂා කරයි.
91 වැනි ශාඛාව විවෘත කිරීමත් සමග, මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆිනෑන්ස් සමාගම යනු ඉලක්කම්වලින් ඔබ්බට යමින් විශිෂ්ටත්වය, මෙහෙයුම් ශක්තිය සහ ප්‍රජා හවුල්කාරිත්වය කෙරෙහි අවධානය යොමුකරන සමාගමක් ලෙස වඩාත් තහවුරු වේ.
අපගේ නවතම ශාඛාවට පිවිස මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆිනෑන්ස් පිරිනමන සේවා විශිෂ්ටත්වය අත්විඳින ලෙස අපි තංගල්ල අවට ජනතාවට ආරාධනාකර සිටිමු.



