රන් සීට්ටු
අලංකාර රන් ආභරණ මිලදී ගන්න සිහිනයක් තිබුණත්, සම්පූර්ණ මුදල අතේ නැද්ද?
දිවයින පුරා පිහිටි 200 කට අධික ලියාපදිංචි රන් ආභරණ හවුල්කරුවන්ගෙන් සම්පූර්ණ මුදල එකවර ගෙවීමෙන් තොරව අලුත් රන් ආභරණ මිලදී ගැනීම MI Finance දැන් වඩාත් පහසුකර තිබේ. ඔබ කළ යුත්තේ, ඔබේ සිත්ගත් රන් ආභරණය තෝරා, මූලික ගෙවීමක් සිදු කිරීම පමණි. ඉතා අඩු පොළියකට ඉතිරි මුදල ලබා දීමට MI Finance කටයුතු කරන අතර, එම මුදල ද පහසු මාසික වාරික ලෙස ගෙවිය හැකිය.
ඔබ රන් ආභරණ මිලදී ගන්නේ විවාහ උත්සවය, විවාහ ගිවිස ගැනීම, දරුවාගේ උපත හෝ දිගුකාලීන ආයෝජනයක් වෙනුවෙන් නම්, එම ඕනෑම අවශ්‍යතාවක් සඳහා සරළ, සුරක්ෂිත සහ දැරිය හැකි ලෙස රන් භාණ්ඩ හිමිකර ගැනීමට 'රන් සීට්ටු' සේවාව ඔබට පහසුකම් සලසා දෙයි.
එය ක්‍රියාකරන ආකාරය
පියවර 1
1. දිවයින පුරා පිහිටි 90 කට අධික ශාඛා ජාලයෙන් ඔබට ළඟම පිහිටි ශාඛාවට පිවිස රන් ණය නිලධාරියෙකු හමු වන්න. ඔහු/ඇය 200 කට අධික ලියාපදිංචි රන් භාණ්ඩ හවුල්කරුවන් අතරින් හවුල්කරුවෙකු තෝරා ගැනීමට ඔබට මගපෙන්වනු ඇත.
2. ඉන්පසුව, එම රන් ණය නිලධාරියා ඔබව ඔබ තෝරාගත් රන් භාණ්ඩ හවුල්කරු වෙතට යොමු කරනු ඇති අතර එහිදී ඔබට මිලදී ගැනීමට අවශ්‍ය රන් භාණ්ඩය තෝරාගත හැකිය.
පියවර 2
1. ඔබේ රන් භාණ්ඩය තෝරාගත් පසු අපගේ අත්දැකීම් බහුල රන් ණය නිලධාරීන් එහි වටිනාකම තක්සේරු කරනු ඇත.
2. MI Finance, රන් භාණ්ඩ අලෙවිකරු අය කරන අමතර ගාස්තු හැර, තක්සේරු කරන ලද අගයෙන් 70% ක් දක්වා මුල්‍ය සහයෝගය ලබා දෙයි. ඉතිරි 30% පාරිභෝගිකයා මුලින් ගෙවිය යුතුය.
3. පාරිභෝගිකයාට පහසු මාසික වාරික ලෙස ගෙවීමේ අවස්ථාව උදාකර දෙමින්, එම මුල්‍ය සහයෝගය ලබා දුන් මුදල මාස 12 සිට 24 දක්වා මාසික වාරික සැලසුමකට සකස් කෙරේ.
4. මුල්‍ය පහසුකම සම්පූර්ණයෙන් පියවන තුරු, ඔබ මිලදී ගත් රන් භාණ්ඩ ඇපකර ලෙස MI Finance සතුව සුරක්ෂිතව තබා ගැනේ.
පියවර 3
මුල්‍ය පහසුකම සම්පූර්ණයෙන් පියවූ පසුව, ඔබේ රන් භාණ්ඩ ඔබ වෙත ලබා දෙනු ලැබේ.
'රන් සීට්ටු’ සේවාව තෝරාගත යුත්තේ ඇයි?
- මුලින් සම්පූර්ණ මුදල ගෙවීමෙන් තොරව ඔබ කැමති රන් භාණ්ඩ ඔබේකර ගන්න.
- මාස 24 ක් දක්වා, දැරිය හැකි මාසික වාරික.
- සරළ සහ බාධාවකින් තොර ලියකියවිලි ක්‍රියාවලිය.
- දිවයින පුරා සිටින 200 කට අධික අපගේ ලියාපදිංචි රන් භාණ්ඩ හවුල්කරුවන්ගේ ජාලයෙන් පුළුල් පරාසයක විහිදුණු රන් භාණ්ඩ රැසකින් තෝරා ගැනීමේ හැකියාව.
*කොන්දේසි සහිතයි
රන් සීට්ටු - නිතර අසන ප්‍රශ්න
1. 'රන් සීට්ටු' යනු කුමක්ද?
'රන් සීට්ටු' යනු, රන් භාණ්ඩ මිලදී ගැනීමේදී සම්පූර්ණ මුදලම ගෙවීමෙන් තොරව අපගේ ලියාපදිංචි රන් භාණ්ඩ හවුල්කරුවන් හරහා අලුත් රන් භාණ්ඩ මිලදී ගැනීමට පාරිභෝගිකයින්ට අවස්ථාව සලසාදෙන MI Finance මුල්‍යකරණ විසඳුමකි. මෙහිදී පාරිභෝගිකයා මූලික ගෙවීම සිදුකරන අතර, MI Finance සමාගම ඉතිරි මුදලට මුල්‍ය පහසුකම් සලසයි. එම මුදල පහසු මාසික වාරික ලෙස ගෙවිය හැකිය.
2. 'රන් සීට්ටු' ක්‍රියා කරන්නේ කෙසේද?
පාරිභෝගිකයා පළමුව MI Finance ශාඛාවකට පිවිස රන් ණය නිලධාරියෙකු මුණ ගැසෙන අතර, එම නිලධාරියා ලියාපදිංචි රන් ණය හවුල්කරුවෙකුට පාරිභෝගිකයා යොමු කරයි. MI Finance සමාගම, පාරිභෝගිකයා තෝරා ගන්නා රන් භාණ්ඩයේ අගය තක්සේරුකර එම අගයෙන් 70% ක මුදලක් (රන් භාණ්ඩ අලෙවිකරු විසින් අයකරනු ලබන අමතර ගාස්තු හැර) මුල්‍ය පහසුකමක් ලෙස ලබා දීමට කටයුතු කරයි. පාරිභෝගිකයා ඉතිරි ශේෂය රන් භාණ්ඩ අලෙවිකරුට ගෙවන අතර, MI Finance අනුමත මුදල ගෙවනු ලැබේ. මුල්‍ය පහසුකම සම්පූර්ණයෙන් පියවන තුරු රන් භාණ්ඩ ඇපකර ලෙස MI Finance සතුව තබා ගැනේ.
3. පාරිභෝගිකයින් හට ඕනෑම අලෙවිසැලකින් රන් භාණ්ඩ මිලදී ගත හැකිද?
එසේ කළ නොහැකියි. 'රන් සීට්ටුව' සේවාව ලබාගත හැක්කේ, දිවයින පුරා සිටින ලියාපදිංචි රන් භාණ්ඩ හවුල්කරුවන් 200 කට අධික පිරිසකගෙන් යුතු MI Finance සමඟින් ලියාපදිංචි රන් ණය අලෙවිසැල් ජාලය හරහා පමණි.
4. පාරිභෝගිකයෙකුට ලබාගත හැකි මුදල කොපමණද?
තෝරාගත් රන් භාණ්ඩයේ තක්සේරු වටිනාකමින් 70% ක් දක්වා මුල්‍ය පහසුකම ලබාගත හැකිය. රන් භාණ්ඩයේ රත්රන්වල පිරිසිදුකම (කැරට්), ශුද්ධ රන් බර සහ වෙළෙඳපොළේ පවත්නා රන් මිල මත පිරිනැමෙන මුදල තීරණයවන අතර, රන් භාණ්ඩ අලෙවිකරු විසින් අයකරනු ලබන ගාස්තු හෝ භාණ්ඩ නිමවුම් ගාස්තු ඊට ඇතුළත් නොවේ.
5. පාරිභෝගිකයා ඒ මොහොතේ ගෙවිය යුතු මුදල කොපමණද?
පාරිභෝගිකයා, MI Finance සමාගමේ මුල්‍ය පහසුකම යටතේ ආවරණය නොවන මුදල, රන් භාණ්ඩ අලෙවිකරු විසින් යම් ගාස්තුවක් සහ වෙනත් අයකර ගැනීමක් සිදු කරයි නම් ඒවා ද සමග ගෙවිය යුතුය. මෙම ගෙවීම පාරිභෝගිකයා සෘජුව රන් භාණ්ඩ අලෙවිකරුට ගෙවනු ලබයි.
6. රන් භාණ්ඩ ඒ මොහොතේම පාරිභෝගිකයා අතට පත් වනවාද?
එසේ වන්නේ නැත. 'රන් සීට්ටු' මුල්‍ය පහසුකම යටතේ මිලදී ගනු ලබන රන් භාණ්ඩ, එම මුල්‍ය පහසුකම සම්පූර්ණයෙන් පියවන තුරු ඇපකර වශයෙන් MI Finance සමාගම සන්තකයේ තබා ගැනේ.
7. ආපසු ගෙවීමේ කාල සීමාව කොපමණද?
මුල්යයණ පහසුකම හිමි වූ මුදල, අනුමත යළි පියවීමේ නියමයන්ට අනුව මාස 12 සිට 24 දක්වා පහසු මාසික වාරික ලෙස ගෙවිය හැකිය.
8. රන් භාණ්ඩ පාරිභෝගිකයාට නිදහස් කරන්නේ කෙසේද?
පාරිභෝගිකයා, සියලු හිඟ වාරික සහ අදාළ ගාස්තු ඇතුළුව මුල්‍ය පහසුකම සම්පූර්ණයෙන් පියවූ පසුව, MI Finance සමාගම පාරිභෝගිකයාට රන් භාණ්ඩ නිදහස් කිරීමට කටයුතු කරයි.
9. 'රන් සිට්ටු' සේවාවේ ප්‍රධානතම ප්රතිලාභ මොනවාද?
- කලින් සම්පූර්ණ මුදල ගෙවීමෙන් තොරව අලුත් රන් භාණ්ඩ මිලදී ගැනීමට ඇති හැකියාව.
- තක්සේරු රන් වටිනාකමින් 70% ක් සඳහා මුල්‍ය පහසුකම හිමි වීම.
- මාස 24 ක් දක්වා පහසු මාසික වාරික.
- දිවයින පුරා ලියාපදිංචි රන් භාණ්ඩ හවුල්කරුවන් 200 කට අධික පිරිසක්.
- සමස්ත ක්‍රියාවලිය පුරාම, MI Finance හි අත්දැකීම් බහුල රන් ණය නිලධාරීන්ගේ මගපෙන්වීම.
10. පාරිභෝගිකයෙකුට, යළි පියවීමේ කාලයට පෙර මුල්‍ය පහසුකම ගෙවා අවසන් කළ හැකිද?
ඔව්. MI Finance හි ඒ මොහොතේ පවතින නියමයන්ට සහ කොන්දේසිවලට යටත්ව පාරිභෝගිකයින් හට එකඟ වූ යළි පියවීමේ කාල සීමාවට පෙර හිඟ ශේෂය පියවිය හැකිය.