ඉතිරි කිරීමේ පුරුද්ද ප්‍රගුණ කරගැනීම සඳහා සහ මූල්‍ය සුරක්ෂිතතාවය සඳහා
<p>missing</p>

ශ්‍රී ලාංකික ජනතාව අතර ඉතිරි කිරීමේ පුරුද්ද සහ මූල්‍ය සුරක්ෂිතතාවය වෙත ධෛර්යමත් කිරීම හා ප්‍රගුණ කිරීම සඳහා මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් වෙතින් ඉතිරි කිරීමේ ගිණුම් වර්ග 02ක් හඳුන්වා දී ඇත:

1. MI කිඩ්ස් ඉතුරුම් ගිණුම 

ඔබගේ දරුවාට දීප්තිමත් අනාගතයක් උදා කර දීම සඳහා අවැසි ශක්තිමත් මූල්‍ය පදනමක් ගොඩනැ‍ඟීම සඳහා උපකාරී වන ගිණුමකි.

2. MI මැක්ස් ඉතුරුම් ගිණුම 

අනෙකුත් සියලුම ශ්‍රී ලාංකික පුරවැසියන් (ආයෝජනය කළ හැකි ලෙස සැලකෙන නෛතික වයස් සීමාවෙන් ඉහළ) වෙනුවෙන් ඔවුන්ගේ අනාගත මූල්‍ය ස්වාධීනත්වය උදෙසා පිරිනැමෙන ගිණුමකි.

මෙම ඉතිරි කිරීමේ ගිණුම් ද්විත්වය සඳහාම ආකර්ෂණීය පොලී අනුපාතිකයක් පිරිනැමෙන අතර දිවයින පුරා පිහිටා ඇති ඕනෑම මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් ශාඛාවක් වෙත ගොස් මෙම ගිණුමක් ආරම්භ කළ හැකි අතරම එම ගිණුම් සම්බන්ධ ගනුදෙනු ද එකී ඕනෑම ශාඛාවකින් සිදුකළ හැකි ය.

 

Call our hotline for more details: +94 71 5111000

 

ඉතිරුම් සඳහා පොලී අනුපාතික

නිමැවුම පොලී අනුපාතික
සාමාන්‍ය ඉතුරුම් 4.50%
බාල වයස්කාර ඉතුරුම් 5.50%
ජ්යෙෂ්ඨ ඉතුරුම් 5%
Micro savings 3% 

2024 පෙබරවාරි මස 20 දින සිට බල පැවැත්වෙන ඉතුරුම් සඳහා වන පොලී අනුපාතික.

 

අවශ්‍ය කෙරෙන ලේඛන:

  • විධිමත්ව සම්පූර්ණ කළ අයදුම්පත්‍රය
  • විධිමත්ව සම්පූර්ණ කළ ගනුදෙනුකරු හඳුනාගැනීම පිළිබඳ තොරතුරු (KYC) ඇතුළත් ආකෘතිය
  • ජාතික හැඳුනුම්පතේ/ රියදුරු බලපත්‍රයේ/ විදේශ ගමන් බලපත්‍රයේ පිටපතක්
  • ජාතික හැඳුනුම්පතේ/ රියදුරු බලපත්‍රයේ සඳහන් ලිපිනයෙන් වර්තමාන ලිපිනය වෙනස් වන්නේ නම් වර්තමාන ලිපිනය තහවුරු කිරීම සඳහා උපයෝගී බිල්පතක් මඟින් තහවුරු කිරීමක්
  • බදු ප්‍රකාශය (අදාළ වන්නේ නම්)
  • Birth Certificate copy (for minors)

 

මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්හි ඉතුරුම් ගිණුම් සඳහා හිමිවන ප්‍රතිලාභ
  • රු.1500/-ක අවම ආරම්භක තැන්පතුවකින් ආරම්භ කළ හැකි වීම
  • මාසයක් තුළ දී ඕනෑම වාර ගණනක් තුළ දී මුදල් ආපසු ලබාගත හැකි වේ
  • පොලිය දෛනික පදනමින් ගණනය කර මාසිකව ගිණුමට බැර කිරීම සිදු වේ
  • ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා විශේෂ පොලී අනුපාතික පිරිනැමේ
ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමය (SLDIS)

නියාමන අවශ්‍යතා සහ විනිවිදභාවය හා තැන්පත්කරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් අප දක්වන කැපවීම අනුව යමින් මර්කන්ටයිල් ඉන්වෙස්ට්මන්ට්ස් සමාගම, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ස්ථාපනයකර පරිපාලනය කරනු ලබන ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සාමාජිකත්වය ලබා ඇත.

සාමාජික මුල්‍ය ආයතනයක් අකර්මන්‍ය වූ විටෙකදී සුදුසුකම්ලත් තැන්පතු සඳහා රක්ෂණාවරණයක් ලබා දීම මගින්, බලපත්‍රලාභී මුල්‍ය පද්ධතිය තුළ තැන්පත්කරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සහ මහජන විශ්වාසය පුළුල් කිරීම සඳහා ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමය ගොඩනගා ඇත.

ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමය පිළිබඳ වැඩිදුර විස්තර දැනගන්න

ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ අරමුණු, රක්ෂණාවරණ සීමා, සුදුසුකම් ලැබීමේ නිර්ණායක සහ මෙහෙයුම් රාමුව ඇතුළු පරිපූර්ණ තොරතුරු දැනගැනීම සඳහා කරුණාකර ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල වෙබ් අඩවියට පිවිසෙන්න.

ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමය
https://www.cbsl.gov.lk/en/sri-lanka-deposit-insurance-scheme

නිතර අසන ප්‍රශ්න (FAQs) - ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමය

ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමය ක්‍රියාත්මකවන ආකාරය පිළිබඳ තැන්පත්කරුවන් හට වඩාත් පුළුල් අවබෝධයක් ලබාදීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව සවිස්තරාත්මක නිතර අසන ප්‍රශ්නාවලියක් ප්‍රකාශයට පත්කර ඇත.

පහත සබැඳියෙන් ඔබට ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමය පිළිබඳ නිල නිතර අසන ප්‍රශ්නාවලියට යොමුවිය හැකිය:

ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමය - නිතර අසන ප්‍රශ්න (FAQs)
https://www.cbsl.gov.lk/en/faq/deposit-insurance

 

ශාඛා ජාලය

තවදුරටත්

අපට කතා කරන්න
+94 0112 10 10 10

අමතන්න
අමතන්න
SiteLock